රත්මලාන ගොනා කෝවිල අසල උණ්ඩ 60ක් තිබී හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

රත්මලාන ගොනා කෝවිල අසල උණ්ඩ 60ක් තිබී හමුවෙයි

රත්මලාන ගොනා කෝවිල අසල උණ්ඩ 60ක් තිබී හමුවෙයි

රත්මලාන ගොනා කෝවිලේ ප්‍රධාන දොරටුව අසල ඇති විදුලි පහන් කණුවක් යට මාර්ගයේ තිබී ටී 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ හැටක් (60)ක් ඊයේ (16) පස්වරුවේ සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය සඳහන් කරයි.

 

මෙම උණ්ඩ තොගය කාය වර්ධන පිටි බහාලනු ලබන ප්ලාස්ටික් බඳුනක ග්‍රීස් ආලේප කර ෂොපින් බෑගයක දමා අසුරා තිබුණු බව පොලීසිය පවසයි.

 

ප්ලාස්ටික් භාණ්ඩ එකතු කරනු ලබන පුද්ගලයෙකු උණ්ඩ තොගය දැක ඒ සම්බන්ධව ගල්කිස්ස පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එහි ගොස් විමර්ශන ආරම්භ කර තිබේ. 

 

මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරයි.

views

741 Views

Comments

arrow-up