පිරිමි දෙකක් සමඟ නීති විරෝධි වැඩක් කරමින් සිටි කාන්තාවන් 6ක් කූඩුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

පිරිමි දෙකක් සමඟ නීති විරෝධි වැඩක් කරමින් සිටි කාන්තාවන් 6ක් කූඩුවට

පිරිමි දෙකක් සමඟ නීති විරෝධි වැඩක් කරමින් සිටි කාන්තාවන් 6ක් කූඩුවට

මහරගම, යහම්පත් මාවතේ නිවසක මුදලට සුදු ක්‍රීඩාවේ නිරතවු කාන්තාවන් 06දෙනෙකු ඇතුළු අට දෙනෙකු රුපියල් තිස් දෙදහස් පන්සියයක් සමඟ අත්අඩංගුවටගත් බව මහරගම පොලීසිය සඳහන් කරයි.

 

එහි සිටි කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

 මහරගම ,නුගේගොඩ ,පිලියන්දල ,ගංගොඩවිල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි (32 - 47) වයසේ පසුවන්නන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්වු බව පොලිසිය කියයි.

 

වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් රුපියල් 6000ක මුදලක් සඳහා සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිට ඇති අතර පසුව කළ පරික්ෂා කිරීමේදී සැකකරුවන් සතුව තිබී තවත් රුපියල් 26,500 පොලිස් භාරයට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

18414 Views

Comments

arrow-up