අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම උපරිමයට - අවධානයෙන් සිටින්නැයි උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම උපරිමයට - අවධානයෙන් සිටින්නැයි උපදෙස්

අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම උපරිමයට - අවධානයෙන් සිටින්නැයි උපදෙස්

පවතින වර්ෂාපතනය නිසා ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම උපරිම මට්ටම දක්වා ළඟ‌ාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ‍්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ වර්ෂාපතනය තවදුරටත් පැවතියහොත් ප්‍රධාන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමේ හැකියාවක් පවතින බවයි.

 

ප්‍රධාන ජලාශ 73න් 30 කට අධික ප්‍රමාණයක ජල ධාරිතාව 70%ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය.

 

මේ වනවිටත් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ද විවෘත කළ බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.

 

තවදුරටත් එම ප්‍රදේශයට වැසි පැවතිය හොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

views

698 Views

Comments

arrow-up