“චීන පොහොර නැව රට ඇතුළට ගන්නෙත් නෑ ෂිප්මන්ට් එකට පේමන්ට් කරන්නෙත් නෑ”- මහින්දානන්ද

කාබනික පොහොර රැගෙන චීනයේ සිට පැමිණෙන නෞකාව රට තුළට ඇතුළුකර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.
විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“මට කියන්න තියෙන්නේ මම සහතිකයක් දුන්නා ඔබතුමන්ලාට ආණ්ඩුව හැටියට අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නෑ.
මේ ෂිප්මන්ට් එකේ සාම්පල ටෙස්ට් කරන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකට පේමන්ට් එක කරන්නෙත් නෑ.
මේ අපේ ගිවිසුමට ටෙන්ඩර් එකේ ගිවිසුමට අනුව මේ අය නැවත ගිහින් හරි පොහොර ටික හදලා අපේ ෆර්සිෆිකේෂන් එක අනුව ආවොත් අපි පොහොර ටික ගන්නවා.
අපි මුදල් ගෙවනවා. කතාව අවසානයි.”
720 Views
Comments