සුපිරි වෙළඳසැලකින් කිරිපිටි සොරාගත් කතක් අත්අඩංගුවට

බණ්ඩාරගම නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලකින් මිලෙන් අධික කිරිපිටි ටින් සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
අදාළ කාන්තාව භාණ්ඩ මිලදීගන්නා මුවාවෙන් වෙළෙඳසැලට පැමිණ ඇගේ අත් බෑගයේ කිරිපිටි ටින් සඟවාගෙන පසුව රුපියල් 300ට ආසන්න මුදලකට භාණ්ඩ කිහිපයක් ලබාගෙන මුදල් අයකැමිට මුදල් ගෙවා පිටවීම සඳහා දොරටුව වෙත පැමිණි අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් සහ සේවකයින් විසින් සැකකාර කාන්තාව අල්ලාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර කාන්තාවගේ අත් බෑගය පරික්ෂා කිරීමේදී එහි රුපියල් 12,000ක් පමණ වටිනා කිරිපිටි ටින් හයක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ ක්‍රියාත්මකයි.
761 Views
Comments