මා ඔයෙන් මතුවූ මළසිරුර

කොළඹ - කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ උණ පඳුරක් අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව වරකාපොළ පොලීසිය පවසයි.
මෙලෙස තිබුණු පුද්ගල මලසිරුර අසල තිබී පන්විල පොලිස් වසමේ අංක (160) ,අරත්තන උඩුගම ලිපිනයේ පදිංචි උඩගම පල්ලෙගෙදර ප්‍රියන්ත උඩගම (43) යනුවෙන් නම සඳහන් හැදුනුම්පතක් සොයාගත් බව පොලිසිය කියයි.
ජාඇල ප්‍රදේශයේ සිට ලොරියකින් කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුල්හිරිය ප්‍රදේශයේදී ලොරි රථය නවතා ශාරීරික අවශ්‍යතාවක් සඳහා මාර්ගය අයිනට ගිය අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු උණ පඳුර අසල ඇති මල සිරුර දැක මාර්ගය අයිනට පැමිණ රථවාහන රාජකාරියේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන්ට මේ පිළිබඳව දැනුවත් කිරිමෙන් පසු පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
මෙලෙස මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් දැනට මාස තුනක පමණ පෙර නිවසට නොපැමිණි බවට 2021.10.13 වන දින පන්විල පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
769 Views
Comments