මුලතිව් ගෙවතු වලින් පතුරොම් මතුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

මුලතිව් ගෙවතු වලින් පතුරොම් මතුවෙයි

මුලතිව් ගෙවතු වලින් පතුරොම් මතුවෙයි

මුලතිව්, කේපාපිලව් සහ අලම්පිල් ප්‍රදේශයන්හීදී කොටි සංවිධානය විසින් වලදමන ලදැයි කියන පතුරොම් තොගයක් හමුව ඇතැයි පොලීසිය කියයි.

 

සිය ඉඩම එලිපෙහෙලි කරන ලද අවස්ථාවේදී අලම්පිල් ප්‍රදේශයේ වැසියෙකු විසින් වලදමා තිබූ පතුරම් තොගයක් මතුවීමෙන් ඒ පිළිබඳව මුලතිව් පොලීසිය දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසියකදී එහි තිබී මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩයක් සහ බරඅවි පතොරම් 10 ක් පමණද සොයාගනු ලැබීය.

 

මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ වැසියෙකුද තම ඉඩම එලිපෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බයක් මතුවී ඒ සම්බන්ධව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම්දීමෙන් පසුව පොලිස් නිලධාරීන් අදාල බෝම්බය රැගෙන ගොස් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

 

යුද සමයේ කොටි සංවිධානය මතු ප්‍රයෝජනය සඳහා මෙම බෝම්බ වලදමන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සැක කරයි.

views

844 Views

Comments

arrow-up