ගෑස් මිල අනිවාර්යයෙන්ම ඉහළ දමන බව රාජ්‍ය ඇමති කියයි

ඉදිරියේදී අනිවාර්යයෙන් ම ගෑස් මිල වැඩි කිරීමට සිදු වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේදී ගෑස් මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට තුළ ගෑස් මිල පාලනය කිරීමක් සිදු කළ නොහැකි බවය.
"මේ තත්ත්වය තුළ මෙ.ටො. 1ක් ඩොලර් 800ට ගිහින් තියෙනවා. ඒ අනුව තවත් ඉදිරියේදී ලෝක වෙළඳපොළේ ගෑස් මිල ශීඝ්‍ර වශයෙන් ඉහළ යනවා. ඒක අපට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඒ අනුව මිල වැඩි කිරීමට ඉදිරියේදී අනිවාර්යයෙන් ම සිද්ධවෙනවා ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම නිසා."
850 Views
Comments