ගුරුවරු උත්තර පත්‍ර ඇගයීම් ගාස්තු ඉල්ලයි

ශ්‍රී ලංකා ගුරු සංගමය චෝදනා කරන්නෙ පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතත් මේ දක්වා එම උත්තර පත්‍ර ඇගයීම් ගාස්තු ගෙවා අවසන් නොකර ඇති බවයි.
කොරෝනා වසංගතය නොතකා පසුගිය අප්‍රේල් 26 වනදා සිට උත්තර පත්‍ර ඇගයීමට සහභාගී වූ ගුරුවරුන් සඳහා අවශ්‍ය මූලික සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැති අවස්ථාවක ගුරුවරුන් මෙම කැපකිරීම් සියල්ල සිදු කල බව ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා ප්‍රකාශ කලේ.
762 Views
Comments