SEP
23
මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න බැසිල්ට සහ හකීම්ට පත්වීමක්

පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අලුතින් පත් කර තිබෙනවා.
මෙම විශේෂ කාරක සභාවේ සභාපතිත්වය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දරන අතර එහි සිටින මුළු සාමාජිකයින් ගණන 17කි.
ඊයේ පස්වරුවේ මෙම කාරක සභාව රැස් ව තිබෙනවා. එහිදී මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව ද සමගි ජන බලවේගය සහ අපේ ජන බලවේග පක්ෂය සිය සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.
1146 Views
Comments