වසර 3ක් තිස්සේ මිණිපිරිය දූෂණය කළ සීයා අත්අඩංගුවට - නිවස මාරු කරත් අලුත් නිවසටත් ඇවිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

වසර 3ක් තිස්සේ මිණිපිරිය දූෂණය කළ සීයා අත්අඩංගුවට - නිවස මාරු කරත් අලුත් නිවසටත් ඇවිත්

වසර 3ක් තිස්සේ මිණිපිරිය දූෂණය කළ සීයා අත්අඩංගුවට - නිවස මාරු කරත් අලුත් නිවසටත් ඇවිත්

තම එකොළොස් හැවිරිදි මිණිපිරියට අතවර කිරීමේ චෝදනාව මත ඇගේම පනස් හතර හැවිරිදි සීයා  මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ 2019 වසරේ සිටම සීයා විසින් ඇයට යම් බලපෑමක් සිදුකර ඇති බවයි.

 

මෙම දැරිය සීයා, ආච්චී, මව සහ පියා සමඟ එකම නිවසක පදිංචිව සිට ඇති අතර පසුගිය ජුනි මස සිට වෙනත් නිවසකට පැමිණ තිබේ. 

 

සැකකාර සීයා එම නිවසටද පැමිණ දැරිය සමඟ සිට ඇති අතර පවුලේ අය මේ සම්බන්ධව සැකයක් ඇති කරගෙන නොමැත. 

 

නමුත් දැරිය යම් අස්වාභාවික හැසිරීම් පෙන්වීම හේතුවෙන් මව විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සීයා විසින් කරනු ලැබූ අතවර ගැන මවට පවසා තිබේ. 

 

ඉන්පසුව පොලිසියට කරනු ලද පැමිණිල්ල මත පොලිස් නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

 

දොළ පාරක් අසලදීද සැකකරු විසින් දැරියට අතවර කර ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. 

 

වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා දැරිය කළුබෝවිල රෝහලට යොමුකොට ඇත. 

views

23620 Views

Comments

arrow-up