SEP
23
කොකාවිල්වල දුර්ලභ ගණයේ දිවිදෙන විල්පත්තුවට

වනජීවී නිලධාරීන් පිරිසක් විසින් මුලතිව්, කොකාවිල් මාර්ගයේ ළඳු කැළෑවක මන්දකට හසුව සිටි දිවියෙකු බේරාගෙන තිබේ.
එම ප්‍රදේශයේ දඩයක්කරුවන් විසින් වන සතුන් අල්ලා ගැනීම සඳහා අටවන උගුලක මෙම දිවියා හසුවී සිටි බව වනජීවී නිළධාරීන් පවසයි.
මෙසේ මන්දකට හසුව සිට තිබෙන්නේ දිවි වර්ගයේ ඉතාම දුර්ලභ ගැහැණු සතෙකු බවද නිලධාරීන් පැවසීය.
මන්දට හසුවීම හේතුවෙන් තුවාල ලබා සිටි දිවියාට ප්‍රතිකාර කළ වනජීවී නිලධාරීන් දිවියාව විල්පත්තු කැළයට මුදා හැර ඇත.
808 Views
Comments