දිය නෑමට පැමිණි හැටතුන් හැවිරිදි කාන්තාව කෙළෙසූ විසි එකේ තරුණයා පලායයි

මොණරාගල කුඹුක්කන්ඔය අසල දියනෑමට පැමිණි හැටතුන් වියේ පසුවන කාන්තාවකට විසිඑක් හැවිරිදි තරුණයෙකු විසින් අතවර සිදුකර ඇතැයි මොණරාගල පොලිසිය කියයි.
මෙම කාන්තාව කුඹුක්කන්ඔය වැලි තොටුපළ අසලට දියනෑමට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පැමිණි තරුණයා අදාල කාන්තාව අසල ඇති ළඳු කැළෑවකට ඇදගෙන ගොස් අතවර සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
සැකකාර තරුණයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්‍ෂණ අරභා ඇත.
අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.
සිද්ධිය සම්බන්ධව මොණරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා පරීක්ෂණ පවත්වයි.
14559 Views
Comments