අනියම් පෙම නවතා දැමීමට උරණව විවාහක පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ඇගේ සැමියාට හා නැගණියට යැවූ වෛද්‍ය සිසුවාට ඇප

අනියම් පෙම නවතා දැමීමෙන් උරණ වූ මුහුණුපොතේ පෙම්වතා විසින් සිය අනියම් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝවක් ඇගේ සැමියාට සහ නැගණියට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහැරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වෛද්‍ය සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර තරුණයා පෙරේදා(28) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපමත මුදාහැරීමට නියෝග කරන ලදී.
රත්මලානේ පදිංචි තෙවන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවෙක් මෙලෙස ඇපමත මුදා හැර ඇත.
පැමිණිලිකාරිය අක්මීමන ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් වන අතර ඇගේ සැමියා විදෙස්ගතව සිටින බවත් අදාළ කාන්තාව තම මුහුණුපොත හරහා හඳුනාගත් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන ඇත.
ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකදීම අඹුසැමියන් ලෙස හැසිරී ඇති අතර වට්ස්ඇප් යෙදවුම ඔස්සේ නිරුවත් වීඩියෝ ඇමතුම් ලබ ගෙන ඇති බවත් එම අවස්ථාවේ සැකකාර පෙම්වතා විසින් ඒවා පටිගත කර ගෙන ඇතැයිද අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසීය.
පසුව ඇතිවූ විවිධ නොගැලපීම් නිසා පැමිණිලිකාරිය විසින් සම්බන්ධය නවතා දමා ඇතැයිද ඒ සම්බන්ධව උරණ වූ සැකකරු අදාළ නිරුවත් ඡායාරූප සහ වීඩියෝව විදෙස්ගතව සිටින ඇගේ සැමියාට සහ ඇගේ නැගණියට මුදාහැර ඇති බවත් සැකකරුගේ ජංගම දුරකථනයේද අදාළ කාන්තාවගේ නිරුවත් දර්ශන ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකි වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ කීය.
සැකකරුට නැවත ලබන නොවැම්බර් මස 02වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
1278 Views
Comments