පහල වායුගෝලයේ කැළඹිලි තත්වය වර්ධනය වීම හේතුවෙන් වැසි තත්වයේ වැඩිවීමක්

දිවයිනට ගිනිකොණ දෙසින් වන පහල වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බැවින්,හෙට සහ අනිද්දා ( ඔක්තෝම්බර් 1 සහ 2) යන දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.
ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. ගාල්ල සිටමාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 පමණ දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.
706 Views
Comments