හොර පාරෙන් චීනෙට යවන එංගලන්තයේ කුණු

රට රටවල අපද්‍රව්‍ය විවිධ රටවලට අපනයනය කිරීම පිළිබඳ වරින් වර වරින්වර තොරතුරු වාර්තා වෙනවා. අපිරිසිදු අපද්‍රව්‍ය චීනයට අපනයනය කිරීමක් සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අපද්‍රව්‍ය සමාගමක් වන Biffa ට චෝදනා ලැබී ඇති බව වාර්තා වෙනවා. කරන නැපි සහ වෙනත් අපවිත්‍ර ද්‍රව්‍ය නීති විරෝධී ලෙස අපනයනයට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සමාගම වරදකරුවකු බවට පත්ව තිබෙනවා. මෙම නඩුවේ දී අවධානය යොමුවූයේ 2015 මැයි මාසයේ දී චීනයේ යලි සැකසුම් කම්හල් දෙකක් සඳහා උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් හි පිහිටි ප්‍රතිචක්‍රීකරණය කම්හලෙන් Biffa අපද්‍රව්‍ය ටොන් 175ක් චීනයට යැවීම සම්බන්ධවයි. මේ සඳහා අපිරිසිදු අපද්‍රව්‍ය චීනයට අපනයනය කිරීම සම්බන්ධයෙන් සාපරාධී වරද කිරීම සඳහා අභියාචනාධිකරණයේ නඩුවක් එක්සත් රාජධානි විශාලතම අපද්‍රව්‍ය සමාගමකට යොමු කරන ලදී.
පාවිච්චි කරන ලද නැපි සහ වෙනත් අපද්‍රව්‍ය නීති විරෝධී ලෙස චීනයට යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ Biffa අපද්‍රව්‍ය සේවා සමාගමට එරෙහිව මීට වසරකට පෙර අපරාධ නඩුවක් පැවරූ පරිසර ඒජන්සිය සිකුරාදා දුන් තීන්දුව පිළිගත් අතර මෙවැනි නීති විරෝධී අපද්‍රව්‍ය අපනයනය කිරීම විදේශ රටවල ජනතාවගේ ජීවිතයට හා පරිසරය වලට බරපතල හානි ඇති කරන බව වාර්තා වෙනවා.
Biffa සමාගම පවසන්නේ මෙලෙස අපනයනයට සූදානම් කලේ වර්ගීකරණය නොකළ ගෘහස්ථ අපද්‍රව්‍ය කඩදාසි බවත් ටොන් 25ක බහාලුම් හතක් සෆොල්ක් ෆීලික්ස්ටෝච් වෙතින් පිටවීම වැළැක්වීමෙන් පසුව සමාගමට පරිසරය ඒජන්සිය විසින් මෙලෙස නඩු පවරනු ලැබු බවයි. එහි අපද්‍රව්‍ය කඩදාසි වෙනුවට පාවිච්චි කරන නැපි සහ සනීපාරක්ශක තුවා සහ මළමුත්‍රා අඩංගු බෑග් උණු වතුර බෝතල් අඩංගුව තිබූ බව පරීක්ෂකයන් විසින් සොයාගන්නා ලද අතර ඒ වෙනුවෙන් Biffa සමාගමට ඩොලර් 35000ක දඩයක් නියම වුණා. 2018 දී චීනයේ සියලුම මිශ්‍ර කඩදාසි ඇතුළු බටහිර ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම සිදු කරනු ලැබුවා. අපනයනය කිරීමට සමාගම සැලසුම් කළද අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ සැකසීම සඳහා චීන පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල ද යන්න පිළිබඳ තවදුරටත් සලකා බැලිය යුතු යැයි තර්ක කරමින් Biffa පසුගිය වසරේදී සාපරාධී වරදකරුට එරෙහිව අධිකරණයේ අභියාචනයක් ඉදිරිපත් කළා. කෙසේ හෝ අවසානයේ මේ වංචාකාරී සමාගමට මෙලෙස දඩ නියමකිරීම නඩු පවරන ලද පරිසර ඒජන්සිය විසින් පිළිගනු ලැබූවා. අධිකරණය තවදුරටත් පෙන්වා දුන්නේ අපද්‍රව්‍ය වර්ගීකරණය හා ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම රට තුලම සිදුකළ යුතු බවයි.
559 Views
Comments