මිතුරියගේ ඒ ටී එම් කාඩ්පතට විද මුදල් සොරාගත් මිතුරිය අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

මිතුරියගේ ඒ ටී එම් කාඩ්පතට විද මුදල් සොරාගත් මිතුරිය අත්අඩංගුවට

මිතුරියගේ ඒ ටී එම් කාඩ්පතට විද මුදල් සොරාගත් මිතුරිය අත්අඩංගුවට

තම මිතුරියගේ ඒ ටී එම් කාඩ්පත සොරකම් කර මුදල් ලබාගත් ඇගළුම් සේවිකාවක් සැකපිට  අද(20)  අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පවසයි.

 

ඇගළුම් කම්හලක සේවය සදහා පැමිණි තරුණියන් දෙදෙනෙකු ඉතා කෙටි කලකින් මිතුරියන් බවට පත්ව ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගෙන ඇති බව පොලීසිය පැවසීයය.

 

මිතුරිය ආහාර ගැනීමට පිටතට ගිය අවස්ථාවේදී ඇගේ අත් බෑගයේ තිබු ඒ. ටි. එම් කාඩ්පත සොරකම් කර මුදල් ලබාගෙන තඹුත්තේගම පිහිටි රණ්භාණ්ඩ අළෙවි සැළකින් රන් මුදු දෙකක් සාදා ගැනීම සඳහා රුපියල් 36000ක අත්කාරමක්ද ගෙවා ඇති බව පොලීසිය මෙතෙක් කළ විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

 

පොලීසියට පැමිණිල්ල ලැබි පැය භාගයක් ඇතුළත අදාල ආයතනවල සීසිටිවි කැමරා පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

 

අත්අඩංගුවට ගත් සැකකාරිය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

views

859 Views

Comments

arrow-up