මාරක අනතුරෙන් පවුලක්ම රෝහලට - කුඩා දරුවන්ගේ තත්වය බරපතලයි

රත්තනපුර - සන්නස්ගම ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු හතරදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.
ඊයේ(19) සවස එම අනතුර සිදුවී ඇති අතර පැල්මඩුල්ල දෙස සිට රත්නපුර දෙසට ධාවන වූ ත්‍රීරෝද රථයක් මෝටර් රථයකට ඉස්සර කීරිමට යාමේදී රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනයවූ තිබූ කැබ් රියක ගැටී මෙම අනතුර සිදුවී ඇත.
ත්‍රීරෝද රථයේ සිටි 10 හැවිරිදි සහ 5 හැවිරිද දරුවන් දෙදෙනා අනතුරින් බරපතළ තුවාල ලබා පැල්මඩුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළක් කර තිබේ.
ත්‍රීරෝද රථය පැදවූ පියා සහ රථයේ සිටි මව සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර එක් දරුවෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු කොළඹ මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පොලීසිය පැවසුවේ ත්‍රීරෝදරථ රියැදුරගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුවී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
911 Views
Comments