කඨින පෙරහැරත් 50 දෙනෙකුට සීමාවෙයි

මෙවර කඨින චීවර පිංකම් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
එම මාර්ගෝපදේශයන්ට අනුව කඨින පෙරහැර සංවිධානය කිරීමේදී උපරිම 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පමණක් එක්කර ගත යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේය.
කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකමද උපරිම 50 දෙනෙකුගේ සභාගීත්වයෙන් සිදුකල යුතු අතර කඨිනානිසංස ධර්ම දේශනයද උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතු බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
කඨින චීවර පූජාවට අදාළ සියලු කටයුතු ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකළ යුතු බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
687 Views
Comments