කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට පැමිණෙයි

රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කරනු ලැබූ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 ක් සහිත නැවක් ඊයේ(13) කොළඹ වරායට ළගා වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේය.
ඊයේ රාත්‍රියේම මෙම පොහොර තොගය අම්පාර, අනුරාධපුර, මඩකලපුව, පොළොන්නරුව, කුරුණෑගල, ත්‍රිකුණාමලය, පුත්තලම,හම්බන්තොට යන වී වගාවවන් බහුලව සිදුකෙරෙන දිස්ත්‍රික්වල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.
ඉදිරි මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර මෙම මස 15 වැනිදා වන විට ලබාදෙන බවත් ඊට ප්‍රථම පොහොර ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා මීට පෙර කියා තිබුණි.
711 Views
Comments