ඒ.ටි.එම් මැෂිම කඩන්න ගිය දෙකක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

ඒ.ටි.එම් මැෂිම කඩන්න ගිය දෙකක් මාට්ටු

ඒ.ටි.එම් මැෂිම කඩන්න ගිය දෙකක් මාට්ටු

රාජගිරිය, රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඇති ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය(ඒ.ටී.එම්) යන්ත්‍රය තියුණු ආයුධයක ආධාරයෙන් කැඩීමට උත්සාහකල දෙදෙනකු අද(27) අලු‍යම අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රාජගිරිය, බණ්ඩාරනායකපුර පදිංචි තරුණයින් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.

 

මෙම පුද්ගලයින් දෙදෙනා මුදල් ලබා ගන්නා මුවාවෙන් රාත්‍රී 12ට පමණ ඒ. ටී. එම්.  යන්ත්‍රය අසලට පැමිණ අඩි 5ක පමණ දිගකින් යුත් යකඩෙන් සෑදූ තියුණු ආයුධයකින්, යන්ත්‍රය කැඩීමට උත්සාහ කර ඇතැයි වාර්තාවේ.

 

පැයක කාලයක් යන්ත්‍රය කැඩීමට උත්සාහ කලද එය ව්‍යර්ථ වීම හේතුවෙන් දෙදෙනා ඉන් ඉවත්ව ගොස් ඇත.

 

උදෑසන මුදල් ගැනී්මට පැමිණි පුද්ගලයෙකු මේ බව දැක පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ රූපරාමු පරීක්ෂාකොට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

views

780 Views

Comments

arrow-up