බන්ධනාගාර රැඳෙවියාගේ සපත්තුව තුල ජංගම දුරකතන 4ක්

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගෙ පාවහන් යුවල තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන 4ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට ක්‍රියාත්මක කර ඇති දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග සහ සිසිටිවි කැමරා පද්ධතිය නිසා බන්ධනාගාරය තුළට පිටතින් නීති විරෝධී භාණ්ඩ විසිකිරීම නැවතී තිබෙනවා.
මේ හේතුවෙන් වෙනත් ක්‍රම හරහා බන්ධනාගාරය තුළට මෙම තහනම් ද්‍රව්‍ය ගෙන ඒමට උත්සාහ කරන බවයි වාර්තා වන්නේ.
මෙම ජංගම දුරකතන සොයා ගැනුනේ ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකුගේ පාවහන් යුවල තුළ තිබියදී ය.
493 Views
Comments