නව ගුවන් සමාගම් පහක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා අරඹයි

ඉදිරි මාස දෙක තුළදී ජාත්‍යන්තර ගුවන් සමාගම් 05ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊය්(27) සඳහන් කළේය.
ඒ අනුව, නොවැම්බර් මස පළමු වැනි දින සිට රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය සතියකට ගුවන්ගමන් වාර දෙකක් සහ ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක් බැගින් ද ආරම්භ කිරීමට නියමිතව ඇති අතර නොවැම්බර් 03වැනිදා සිට ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සතියකට ගුවන් ගමන් වාර තුන බැගින්ද මෙරටට පැමිණිමට නියමිතව ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම දෙසැම්බර් පළමු සතියේ සිට රුසියාවේ එයාර් අසුර් ගුවන් සේවය ගුවන් වාර දෙක බැගිනුත්, ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර දෙක බැගිනුත් ආරම්භ කිරීමට නියමිතව ඇත.
සංචාරක ව්‍යාපාරය නැංවීම උදෙසා සංචාරක අමාතා්‍යංශය අන්තර් ජාතික මට්ටමින් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ඇරඹීම සිදුවන බව සංචාරක අමාත්‍යවරයා පැවසීය.
දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව අන්තර් ජාතික ගුවන් ප්‍රවාහන කටයුතු පවත්වා ගෙන යමින් ගුවන් සේවාව මගින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදිම තම අරමුණවී ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
754 Views
Comments