ආනයන තහනම මැද කොළඹ වරායට සැප වාහන 400 ක් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

ආනයන තහනම මැද කොළඹ වරායට සැප වාහන 400 ක් (VIDEO)

ආනයන තහනම මැද කොළඹ වරායට සැප වාහන 400 ක් (VIDEO)

වාහන ආනයනය තහනම් කර තිබියදී ආනයනය කරන ලද වාහන 400කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායේ ගොඩබා තිබේ.

 

එම වාහන ප්‍රමාණය රාජසන්තක කරනවා ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යාංශයෙන් විමසමින් ලිපියක් යොමු කර තිබේ.

 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රජය විසින් වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු මෙම වාහන ඇනවුම් කර ඇති නිසා වාහන ආනයනය දැනට ක්‍රියාත්මක නීතියට විරුද්ධ බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී ඇත.

 

මෙම වාහන තර අධි සුඛෝපභෝගී වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් ඇති බවද සඳහන්ය.

 

එම වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ ජපානය හා බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද ඒවා වෙයි.

 

 

views

1654 Views

Comments

arrow-up