සැකකරු ගැන තොරතුරන් දුන්නොත් පොලීසියෙන් රුපියල් මිලියන 2.5 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

සැකකරු ගැන තොරතුරන් දුන්නොත් පොලීසියෙන් රුපියල් මිලියන 2.5 ක්

සැකකරු ගැන තොරතුරන් දුන්නොත් පොලීසියෙන් රුපියල් මිලියන 2.5 ක්

මුල්ලේරියාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

 

ඒ අනුව ඔහුගේ ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කරනු ලැබ තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබාදෙන බවය. ඊයේ (26) වැනිදා උදෑසන 6.30ට පමණ මුල්ලේරියාව, කොටිකාවත්ත දෙල්ගහවත්ත නිවසකට කඩා වැඳුණු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබුණි.

 

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, 42 හැවිරිදි තන්තිරිගේ නුවන් මිලින්ද නමැත්තකි. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති බවය. ඔහු තලංගම රෝහලට අතුළත් කර ඇති තුවාලකරු පසුව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

 

මේ අනුව, මෙම සැකකරු පිළිබඳ තොරතුරු පහත දුරකතන අංක වෙත ලබා දෙන්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

 

අධ්‍යක්ෂ / කොළඹ අපරාධ කොට්ඨාසය 071‌- 8591727 , ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌077‌- 7370360 

 

අධ්‍යක්ෂ / බස්නාහිර පළාත, දකුණ කොළඹ අපරාධ කොට්ඨාසය 071‌– 8592279 

 

සැකකරු පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත් කරමින් පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය…

 

 

views

1434 Views

Comments

arrow-up