ගුරු උද්ඝෝෂණය අතරතුර ගුරුවරියක් ඇද වැටී මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

ගුරු උද්ඝෝෂණය අතරතුර ගුරුවරියක් ඇද වැටී මිය යයි

ගුරු උද්ඝෝෂණය අතරතුර ගුරුවරියක් ඇද වැටී මිය යයි

කොටපොළ පැවත්වුණු දෙනියාය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති විරෝධතාව අතරතුර ගුරුවරියක් ඇද වැටී ඊයේ(09) සවස ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කොස්මෝදර පොලිසිය කියයි.

 

මෙලෙස මිය ගොස් තිබෙන්නේ දෙනියායේ පදිංචි 27 හැවිරිදි අවිවාහක වරුණි අසංකා මධුභාෂිණී නම් දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කල ගුරුවරියකි.

 

ඇද වැටීමෙන් අනතුරුව ගුරුවරිය දෙනියාය මූලික රෝහලට සුවසැරිය ගිලන්රථයකින් රැගෙන යන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙම ගුරුවරිය දීර්ඝ කාලයක් තිස්සේ හෘදයාබාධ තත්ත්වවලට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඒ සම්බන්ධ ශල්‍යකර්මයකටද භාජනයකර ඇතැයි ඇයගේ ඥාතීහු පවසති.

 

කොස්මෝදර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

views

830 Views

Comments

arrow-up