පාර්ලිමේන්තුවේ කලබලයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

පාර්ලිමේන්තුවේ කලබලයක්

පාර්ලිමේන්තුවේ කලබලයක්

ඊයේ(16) සමගි ජන බලවේගය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය බාධා කළ බවට චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද(17) පෙරවරුවේ ඇතිවී තිබේ.

 

එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර බහින්බස්වීම්ද සිදුවනු දැකගත හැකිවිය.

 

උද්ඝෝෂණය හේතුවෙන් සභාවේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

views

739 Views

Comments

arrow-up