පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ එක මංතීරුවක් අද(17) මධ්‍යහන 12න් පසු විවෘත කරන බවට වාර්තා වෙයි.

 

ඒ පිළිබඳව අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

 

කෙසේ වුවත් තවදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා,

 

“මේ දින කිහිපයේදී  පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් එක්ක, තද වර්ෂාව සමඟ මෙම මාර්ගයේ සුළු නායයෑමේ තත්ත්වයක් සමඟ මාර්ගය වසා දැමීමට සිදුවුණා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ පර්යේෂණ ඇතුළු සියලු‍ දේ සැලකිල්ලට ගනිමින් මාර්ගය පරීක්ෂා කර, අපි අද දවල් 12 සිට මාර්ගය මහජනතාවගේ භාවිතය සඳහා විවෘත කරනවා. එක් මංතීරුවක් පමණක් මේ වෙලාවේදී විවෘත කරනවා.

මොකද ඉදිරියේදී මෙහි තව තව කටයුතු පැහැදිලි කරයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය.

12 වෙනකොට එක් මංතීරුවක් අපි විවෘත කරනවා. සැහැල්ලු‍ වාහන කියලා නෑ අපි ඔක්කෝටම පාර විවෘත කරනවා.

මාර්ග තදබදය අවම කිරීම සඳහා බොහෝ වෙලාවට මෙයට සමාන්තරව හඳුන්වාදී තිබුණු විකල්ප මාර්ගත් භාවිත කරනවා නම් හොඳයි.”‍

views

727 Views

Comments

arrow-up