හිඟු‍රක්ගොඩ පාසල් දරුවන්ගේ පොෂණ මල්ලෙනුත් ගසා කාලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

හිඟු‍රක්ගොඩ පාසල් දරුවන්ගේ පොෂණ මල්ලෙනුත් ගසා කාලා

හිඟු‍රක්ගොඩ පාසල් දරුවන්ගේ පොෂණ මල්ලෙනුත් ගසා කාලා

හිඟු‍රක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසල්වල දරු දැරියන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය නැංවීම සඳහා ක්‍රියාත්මක වැඩසටහනෙන් රුපියල් ලක්‍ෂ 18කට වැඩි මුදලක් කලාප අධ්‍යාපන කාර්යාලයේ විෂයබාර නිලධාරියෙකු විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


පාසල් දරුවන්ගේ පෝෂණ ආහාර සැපයුම්කරුවන්ගෙන් මුදල් ගෙවීමේදී නියමිත මුදලට වඩා විශාල ලෙස වැඩිපුර ගෙවීම් සිදුකර මෙම මුදල් වංචාව කර ඇති බව කලාප කාර්යාලය මට්ටමින් සිදුකල පරීක්‍ෂාවකදී හෙළිදරව්වූ බවට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.


උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරාගේ නියමයෙන් උතුරු මැද පළාත් විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවෙන් මේ වනවිට විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන අතර මාස දෙකකට අදාලව සිදුකල විමර්ශන වලදී ගෙවීම් කරන ලද චෙක් පත් දෙකකින් පමණක් රුපියල් ලක්‍ෂ 18කට වැඩි මුදලක් මෙම නිලධාරියා විසින් වංචාකර ඇතිබවට එම විගණනයේදී තොරතුරු අනාවරණයවී ඇත.

 

මෙම නිලධාරියා 2017 වසරේ සිට 2021 වසරේ අප්‍රේල් මාසය අවසානය දක්වා හිඟු‍රක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙම විෂය බාරව අඛණ්ඩව රාජකාරී සිදුකර ඇතැයි වාර්තාවේ.

views

696 Views

Comments

arrow-up