ගම්මන්පිළගේ විශ්වාසභංගය ගැන ජවිපෙ වැට උඩ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

ගම්මන්පිළගේ විශ්වාසභංගය ගැන ජවිපෙ වැට උඩ

ගම්මන්පිළගේ විශ්වාසභංගය ගැන ජවිපෙ වැට උඩ

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කළා.

 

කෙසේ වෙතත් අදාළ විශ්වාසභංග යෝජනාව භාර දීම සඳහා කතානායකවරයාගෙන් වේලාවක් ඉල්ලා ඇති බවද සමගි ජන බලවේගය ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියා.

 

මේ අතර සමගි ජන බලවේගය නියෝජිතයන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණේ ජනතාවට ඉන්ධන සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

 

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමස්ත ලංකා ධීවර පොදු සේවක සංගමය ද කුඩාවැල්ල ධීවර වරාය ඉදිරිපිට අද විරෝධතාවක් සංවිධානය කර තිබුණා. එසේම ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හික්කඩුව, කරන්දෙණිය, පානදුර සහ වෙන්නප්පුව ප්‍රදේශ වලද විරෝධතා පැවති බවයි වාර්තා වන්නේ.

views

871 Views

Comments

arrow-up