නීති විරෝධී සෞඛ්‍ය උපකරණ තොගයක් පොලිසිය භාරයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

නීති විරෝධී සෞඛ්‍ය උපකරණ තොගයක් පොලිසිය භාරයට

නීති විරෝධී සෞඛ්‍ය උපකරණ තොගයක් පොලිසිය භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කෙරූ රුධිරයේ ඔක්සිජන් පරිමාව මනින "Pulse Oxymeter" උපකරණ තොගයක් සමගින් සැකකරුවන් 3 දෙනෙකු වලාන මධ්‍යම දුෂණ මර්ධන කොට්ඨාශ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ලද තොරතුරකට අනුව එම නිලධාරීන් කොළඹ 12 මැසෙන්ජර් වීදියේ දී කළ වැටලීමකදී මෙම සැකකරුවන් සහ උපකරණ තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

 

ඔවුන් සතුව නීතිවිරෝධී ලෙස ආනයන කළ මෙම උපකරණ 3,400ක් පමණ තිබූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

 

සැකකරුවන් විසින් මෙම උපකරණ ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථ දෙකක් සහ වෑන් රථයක් ද පොලිසිය විසින් සිය බාරයට ගෙන ඇත.

views

441 Views

Comments

arrow-up