බටහිර පර්යන්තය වසර 35ක් රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනයට කැබිනට් අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
02

බටහිර පර්යන්තය වසර 35ක් රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනයට කැබිනට් අනුමැතිය

බටහිර පර්යන්තය වසර 35ක් රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනයට කැබිනට් අනුමැතිය

රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කර වසර 35 කින් නැවත භාර දීමේ පදනම මත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දියාව ජපානය නම් කරන පාර්ශ්වයන් එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ.

 

මේ අතර නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරි සම්පූර්ණ හිමිකාරත්වය සහිතව ක්‍රියාත්මක පර්යන්තයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

 

එම පර්යන්තය සංවර්ධනය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 700 ක මුදලක් දේශීය බැංකුවකින් ණය මුදලක්  ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසුවේ.

 

නැගෙනහිර පර්යන්තය පිළිබඳව කැබිනට් යෝජනාවේදී අනුමැතිය ලැබීමෙන් පසු වරාය වෘත්තිය සමිති ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදෑසන අවසන් කෙරුණා.

 

 

 

views

673 Views

Comments

arrow-up