ලංකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගැනේ - පැතිරීම වේගවත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
26

ලංකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගැනේ - පැතිරීම වේගවත්

ලංකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගැනේ - පැතිරීම වේගවත්

විදෙස් රටවල් වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

 

නිරෝධායන මධ්‍යස්ථානයකින් ලද වෛරස් සාම්පල් දෙකක් මගින් මෙම නව වෛරස් කාණ්ඩය හඳුනා ගත් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

 

එය ශ්‍රී ලංකාව තුළ මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් වන බවත් ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

 

මේ දිනවල කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවවල ව්‍යාප්ත වූ ප්‍රභේදයට වඩා වෙනස් බවද මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව වැඩි බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් කියා සිටිනවා.

views

1351 Views

Comments

arrow-up