රන්ජන්ගේ නඩු තීන්දුව දුන් ගමන් මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා නම් ප්‍රේමලාල්ට ඡන්දෙ ඉල්ලන්නවත් සුදුසු නෑ - අනුර (VIDEO )
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

රන්ජන්ගේ නඩු තීන්දුව දුන් ගමන් මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා නම් ප්‍රේමලාල්ට ඡන්දෙ ඉල්ලන්නවත් සුදුසු නෑ - අනුර (VIDEO )

රන්ජන්ගේ නඩු තීන්දුව දුන් ගමන් මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා නම් ප්‍රේමලාල්ට ඡන්දෙ ඉල්ලන්නවත් සුදුසු නෑ - අනුර (VIDEO )

රන්ජන් රාමනායක මහතාට ලැබුණු සිරදඬුවමට අනුව ඔහුගේ මන්ත්‍රී දුරය ‍අහෝසි වන්නේ නම්, අධිකරණයෙන් මරණ දඬුවම හිමි වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට තබා මැතිවරණයට ඉදිරිපත් වීමටද නුසුදුස්සෙක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

 

රන්ජන් රාමනායක මහතාට ලැබුණු සිරදඬුවම සහ ඔහුගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වූ එස්.බී. දිසානායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සිදු වූයේ අධිකරණයෙන් ලැබුණු දඬුවම නිසා නොව දිසානායක මහතා නොකඩවා මාස තුනක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවූ නිසා බවද අනුර දිසානායක මහතා පවසනවා.

 

 

 

 

 

views

755 Views

Comments

arrow-up