ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය යළි රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය යළි රිමාන්ඩ්

ETI  හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය යළි රිමාන්ඩ්

ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය, ලබන 15වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළා.

 

ETI මූල්‍ය ආයතනයේ සිදු වූ බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවනු ලැබීය.

 

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ප්‍රකාශ කළේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එළඹෙන ජනවාරි 15 වැනිදා ලබාදෙන බවය.

 

එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

views

612 Views

Comments

arrow-up