අද දිනයේත් ප්‍රදේශ රැසකට වැසි - සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට හැකි පියවර ගන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

අද දිනයේත් ප්‍රදේශ රැසකට වැසි - සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට හැකි පියවර ගන්න

අද දිනයේත් ප්‍රදේශ රැසකට වැසි -  සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට හැකි පියවර ගන්න

ඌව පළාතේත්, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ඇතැම් ස්ථානවලටමි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සුළං ඊසාන දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර දෙසින් හමයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

 

 

views

614 Views

Comments

arrow-up