පළාත් රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු අවම කරගැනීමට හැකි පියවර ගන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

පළාත් රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු අවම කරගැනීමට හැකි පියවර ගන්න

පළාත් රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු අවම කරගැනීමට හැකි පියවර ගන්න

උතුරු, නැගෙනහිර, උතුරු-මැද,මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ.

 

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

 

සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වූ දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

 

හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

 

 

views

790 Views

Comments

arrow-up