DEC
23
මහර රැඳවියන්ගේ ගැටුම සම්බන්ධයෙන් අවසන් විමර්ශන වාර්තාව 30වනදා

මහර බන්ධනාගාරයේ රැදවියන් අතර ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ලබන 30 වනදා භාරදීමට නියමිතව තිබෙනවා.
මියගිය සමයන්ගේ ගෝලයෙකු ද මෙම ගැටුමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඔහු සමග රැඳවියන් අටදෙනෙකු මෙම ගැටුම සැලසුම් කර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
සිද්ධියෙන් මියගිය රැඳවියන් හතර දෙනෙකුගේ සිරුරු මරණ පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණ නියෝග පරිදි ආදාහනය කිරීම සිදු කෙරුණා.
626 Views
Comments