මහර රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ රහස්‍ය වාර්තාව අධිකරණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

මහර රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ රහස්‍ය වාර්තාව අධිකරණයට

මහර රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ රහස්‍ය වාර්තාව අධිකරණයට

ඉකුත් 29 වන දා මහර බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් රැඳවියන් මියයාම සම්බන්ධයෙන් සොයා බලන ලෙස පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත් කළ විද්වත් කමිටුවේ රහස්‍ය වාර්තාව අද මහර අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

 

මෙම ගැටුමෙන් මියගිය රැඳවියන් දොළොස් දෙනාගෙන් අටදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

 

මියගිය රැඳවියන් හතර දෙනෙකුගේ සිරුර භූමිදානය සඳහා අවසර ලබාදෙන ලෙස ඥාතීන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිය ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ඊට දැඩි ලෙස විරෝධය පල කර තිබෙනවා.

 

සිරුර භූමිදානය සඳහා අවසර ලබා දුනහොත් විශාල හානියක් සිදුවිය හැකි බවයි නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර ඇත්තේ.

 

මේ පිළිබඳව සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිරුරු භූමිදානය සඳහා අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න තීන්දුව අද දහවල් ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

 

 

views

671 Views

Comments

arrow-up