රන්ජන්ගෙන් පුරපාඩු වූ මන්ත්‍රී ධුරයට අජිත් මාන්නප්පෙරුම

උසාවියට අපහාස කිරීමේ වරදට මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (12දා) නියම කිරීමත් සමග ඒ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ.
එම හිස්වන මන්ත්‍රී ධුරයට අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිතය.
ඔහු සමගි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කර පස්වන ස්ථානය ලබාගත් අතර මනාප ඡන්ද 47,212ක් ලබා ගත්ත රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමි වන අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇත.
651 Views
Comments