තැන්පතුවලින් සියයට 50ක් ගෙවීමට ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් හෙට සිට විවෘතයි

ස්වර්ණමහල් සර්විසස් පී එල් සී ආයතනය නැවත ඇරඹීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය තීරණය ගෙන ඇත.
ඒ තෙමසක කාලයකට ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ආයතනය අවසර දි තිබෙන්නේ .
මේ අනුව 2021 ජනවාරි 13 සිට 2021 අප්‍රේල් 12 දක්වා විවෘත කෙරේ.
තැන්පත් කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත්ව, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31 (5) (අ) වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙහිදී ආයතනයේ ඇති ඉතිරි තැන්පතුවලින් සියයට 50ක ප්‍රමාණයක් ආපසු ගෙවීම (ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් අවසර ලබා දී තිබෙනවා.
650 Views
Comments