නවීන් ඉල්ලා අස්වෙයි

නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික තනතුරු වල ඉදිරියටත් කටයුතු කරන බව ඒ මහතා රනිල් වික්‍රරමසිංහ මහතා හට ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා
එම ලිපියට අනුව නවීන් දිසානායක මහතා සදහන් කර ඇත්තේ ,
“මා දැනට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික හැටියට කටයුතු කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන අතර,
ඔබ හා කෘත්‍යාධිකාරි මණ්ඩලය මා හට නැවතත් ලබාදෙන ලද ජාතික සංවිධායක ධූරය තවත් සුදුසු පුද්ගලයෙකුට ලබාදෙනවාට මාගේ විරුද්ධත්වයක් නොමැති බව මෙයින් දන්වා සිටිමි”
යනුවෙනි.
839 Views
Comments