විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉක්මනින් ගෙන්වන්නැයි අගමැතිගෙන් උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
26

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉක්මනින් ගෙන්වන්නැයි අගමැතිගෙන් උපදෙස්

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉක්මනින් ගෙන්වන්නැයි අගමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

 

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගෙන්වාගැනීම පිළිබඳ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර ඒ සඳහා කටයුතු කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

 

මේ සම්බන්ධයෙන් අද අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදීයි මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ.

 

මෙලෙස ගෙන්වන විදේශ ශ්‍රමිකයින් නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස් වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබඳ කාර්ය සාධක බලකායේ අවධානය යොමුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

 

විදෙස් රටවල සිට මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 32,000ක පමණ සංඛ්‍යාවක් ගෙන්වා ඇති අතර තවත් ශ්‍රී ලාංකිකයින් 22,483 ක් මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

views

804 Views

Comments

arrow-up