දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණයෙන් ඉල්ලීමක්

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැක.
ඌව පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.
ගාල්ල සිට කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී. සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (10-20) පමණ වේ.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
614 Views
Comments