අජිත් ප්‍රසන්න ඇප මත මුදාහරී

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකාර අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළ අභියාචනාධිකරණය සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කරන ලෙස ද නියෝග කෙරිණි.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා
633 Views
Comments