මිරිස්සේ 'COCONUT TREE HILLS' සුන්දරත්වය ආරක්ෂා කරන්නැයි ඉල්ලීමක්

Coconut Tree Hills නමින් මෙරට පමණක් නොව ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගත් මිරිස්ස බණ්ඩාරගම ප්‍රදේශයේ පොල්ගස් වල සමන්විත මුහුදට නෙරා ගිය බිම් කොටස පිළිබඳ මේ වන විට සමාජය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
මෙම ඉඩම් කොටස ශ්‍රී ලාංකිකයෙකුට පර්චස් 320ක් සහ විදේශිකයෙකුට පර්චස් 80 ක් ලෙස අයිතිය හිමි වන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ හිමිකරු මිරිස්ස ප්‍රසිද්ධ හෝටලයක අයිතිකරු බවයි පැවසෙන්නේ.
ඔහුට අයත් නොවන කොටසක වගා කිරීම හේතුවෙන් ඇති වූ ආරවුලක් නිසා මෙලෙස ඉඩම් වෙන් කිරීමට කොන්ක්‍රීට් කණු සිටුවා තිබෙන බව සඳහන්.
මෙම සිදුවීම හේතුවෙන් කොටවිල පොලීසිය ගැටළු සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වැලිගම ප්‍රාදේශීය සභාවට ලිපි යොමු කර තිබෙනවා.
ශ්‍රී ලාංකික හිමිකරු ෙමම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොටවිල පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර අැති අතර ඒය අද පස්වරුවේ විභාග කිරීමට නියමිත බවත් වාර්තා වනවා.
දිගු කාලයක සිට දෙස් විදෙස් සංචාරක ආකර්ෂනය දිනූ Coconut Tree Hills වැනි මෙවන් ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මැදිහත්වීමෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී ඇති බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ.
658 Views
Comments