කොවිඩ් ආසාදිත රැදවියන් 5දෙනෙක් පලා යයි

පොලොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවාගෙන ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් පස්දෙනෙකු පලා ගොස් තිබෙනවා.
අද අලුයම පලාගොස් ඇති ඔවුන් මීගමුව බන්ධනාගාරයේ රැදවියන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
වයස අවුරුදු 22, 33, 26, 32 හා 52 යන වයස් වල පසුවන ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් වනවා.
මෙවර විටත් යුද හමුදාව සහ පොලිසිය පලාගිය ආසාදිත රැඳවියන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතත් පොළොන්නරුව පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
119, 0718591233
557 Views
Comments