පොළොන්නරුවෙන් පලා ගිය තවත් කොරෝනා ආසාදිත රැඳවියෙකු අත්අඩංගුවට

පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගියදා පලාගිය පස් දෙනාගෙන් තවත් අයෙකු වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරච්චිකට්ටුව පොලීසියට ලද තොරතුරක් මත 52 හැවිරිදි නිමල් වසන්ත නොහොත් ගැටයා නම් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.
මොහු සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී කොරෝනා ආසාදනය වී තිබුණා.
ඉන්පසු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව ගල්ලෑල්ලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ දීයි සැකකරු පළා ගොස් තිබුණේ.
පලාගිය තවත් කොරෝනා ආසාදිත රැඳවියන් තිදෙනෙකු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
624 Views
Comments