JAN
05
හපුතලේ නව නගරාධිපති දිවුරුම් දෙයි (PHOTOS)

හපුතලේ සඳහා පත්කෙරුණු නව නගරාධිපති උපුල් දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අග්‍රාමාත්‍යවරයාගේ විජයරාම පිහිටි නිල නිවසේ දී. හලාවත හිටපු නගරාධිපති සම්පත් ළමා හේවා මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරටත් දිසානායක මහතා පත්ව තිබෙන්නේ.
1997 නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනයට පිවිසි මහතා මීට පෙර ද හපුතලේ නගරාධිපති වරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.
665 Views
Comments