දැරියන් දෙදෙනෙකු කෙළෙසූ ග්‍රාම නිලධාරීවරයාට දේශපාලන රැකවරණය?

දැරියන් දෙදෙනෙකු අතවරයට ලක්කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට ජංසගම ග්‍රාම නිළධාරිවරයාට පොහොට්ටුවේ ප්‍රාදේශිය දේශපාලනඥයින්ගෙන් රැකවරණය ලැබෙන බවට සමාජයේ කතා බහක් පවතින බව අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී විමලසිරි පෙරේරා මහතා අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ පැවැති මාසික සභා රැස්වීමේ දී සඳහන් කර තිබේ.
එම කොට්ඨාශයේ මන්ත්‍රීවරයා සහ සභාවේ සභාපතිවරයා මෙම පුද්ගලයාට රැකවරණය ලබාදෙන බවට සමාජයේ පැතිර යන කතාව සභාවේ මන්ත්‍රීවරු ලෙසට අපටත් බරපතල ගැටළුවක් වන බැවින් එහි සත්‍යතාවය කුමක්දැයි හෙලි කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලිමක් කළේය.
රජයේ නිළධාරින් මෙවැනි ක්‍රියා සිදු කිරිම තරයේ හෙලා දකින බවත් විමලසිරි පෙරේරා මහතා පැවසීය.
723 Views
Comments